ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයන් විශාල පිරිසක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමග මේ වන විට සාකච්ඡාවක යෙදී සිටී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයරාම නිල නිවසේ පැවති දේශපාලන මණ්ඩලය සාකච්ඡාවට සහභාගි වීමෙන් අනතුරුව මෙම පිරිස ජනාධිපතිවරයාගේ නිවසට ගොස් ඇත.
එම සාකච්චාවේදී ඔවුන් සහතික කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයේ තීරණය කුමක් වුවද තමන් ජනාධිපතිවරයාට සහාය දෙන බවයි.
මෙම පිරිසට හතළිස් දෙනකු පමණ සිටින බවද වාර්තාකරුවන් කියා සිටිති.