මැතිවරණ කොමිසමේ නිළධාරීන් අද පෙවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා, මේ මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණය කැදවන බව නිවේදනය කලේ ය. එම නිවේදනය නිකුත් කර පැය කිහිපයකට පසුව, පොහොට්ටු පක්ෂයේ නිර්මාර්තෘ බැසිල් රාජපක්ෂ, එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ පොහොට්ටු පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මැතිවරණ කොමිසමට පැමිණියේ ය.
මොනම හේතුවක් නිසාවත් මැතිවරණය කල් නොදනම ලෙස තමන් ඉල්ලා සිටියේ යැයි, මැතිවරණ කොමිසම සමඟ පැවති සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොහොට්ටු පක්ෂ නියෝජිතයෝ පැවසූ හ.
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක්ද හයක් ද යන්න මේ මොහොතේ තේරුමක් ඇති වැඩක් නොවේ යැයි මාධ්‍යයට අදහස් දැක් වූ නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
එමෙන් ම ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6 ක් ද නැතිනම් වසර 5 ක් ද යන්න පිළිබදව සොයා බැලීම මේ මොහොතේ තේරුමක් ඇති වැඩක් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා, ඒ කාරණාව, මැතිවරණය කල් දැමීමේ අදහසින් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම්, ඊට තමන්ගේ සහයෝගය නොලැබෙන බවද අවධාරණය කළේ ය.