ශ්‍රීලනිපයට ඉබි යතුරු දැම්මාට නිමල් සිරිපාලට උසාවියෙන් සිතාසි නිකුත් කරයි!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයකුවන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) සිතාසි නිකුත් කර තිබෙනවා.
ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලට ප්‍රවේශ වීම වළක්වමින් ඉබි යතුරු දමා අගුළු දැමීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල විසින් ගොනුකරන ලද පුද්ගලික නඩුවක් විභාගයට ගැනීමෙන් අනතුරුවය.
පසුගිය ජුලි 05 වැනිදා අදාළ ගොඩනැගිල්ලට ආරක්ෂාව සඳහා යොදා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එම දේපොළ තුළ සිටියදීම ඊට ඉබි යතුරු දමා අගුළු දැමීමට විත්තිකරු විසින් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, ජුලි 19 වැනිදා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකාර නිමල් සිරිපාල ද සිල්වා වෙත මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ අද (16) සිතාසි නිකුත් කරනු ලැබුවා.
ශ්‍රීලනිපයට ඉබි යතුරු දැම්මාට නිමල් සිරිපාලට උසාවියෙන් සිතාසි නිකුත් කරයි!
2024-07-16T19:48:00+05:30
Gossip Lanka Hot News






