gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

22 පාර්ලිමේන්තුවට.. මැ.කො. අර්බුදයට.. දින 30ක් ඇතුලත ජනමත විචාරණයක්!

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද විසි දෙවන ව්‍යවසා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට උපදෙස් ලබා දෙන වාතාවරණයක් එළඹෙන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සාමූහිකය පවසයි.

ඔවුන් පවසන්නේ එම පනත් කෙටුම්පත සම්මත වී දින තිහක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවන බවය.

මේ හරහා ශ්‍රී ලංකාවට ජාතික මැතිවරණ දෙකක බරක් දැරීමට සිදුවන අතර එය ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරන බවට නීතිඥ සාමුහිකය පෙන්වා දෙයි.

ඔවුන් තවදුරටත් පවසන්නේ ජනමත විචාරණයක් පැවැත්වීමට පමණක්ම රුපියල් විදියට ගණනක් වැයවන අතර මෙවන විටත් පළාත් පාලන ඡන්දය පැවැත්වීමටම අරමුදල් නොමැති බවට  ශ්‍රී ලංකා ලංකා රජය විසින් කිහිප විටක්ම ප්‍රකාශ කර ඇති බවත්ය.

ඔවුන් අවධාරණය කරන්නේ මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ හෝ ජනානාධිපතිවරයාගේ දුර කාලයේ උපරිමය සම්බන්ධයෙන් කිසිදු හදිසි අවශ්‍යතාවක් නොමැති බවයි.

යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධනය මැතිවරන ක්‍රමවේදය තවත් අර්බුදකාරී මට්ටමකට ගෙන ඒමේ ප්‍රයත්නයක් බව ඔවුන් පවසයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka