gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුපිරි නළු සල්මන් මරා ඝාතකයන් තමිල්නාඩුවට! තමිල්නාඩුවෙන් ලංකාවට! සංකීර්ණ සැලැස්මක රහස් තොරතුරු එළියට! VIDEO

බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට ඉන්දීය පොලීසිය සමත්වී තිබේ. Lawrence Bishnoi නම් කල්ලිය පාකිස්තාන අවි සැපයුම්කරුවෙකුගෙන් ලබාගත් ආයුධවලින් සන්නද්ධව මහාරාෂ්ට්‍රයේ පන්වෙල් හිදී සල්මන් ඛාන්ගේ මෝටර් රථයට පහර දීමට කුමන්ත්‍රණය කර ඇත.

එම කල්ලිය සතුව අධි බලැති අවි ගබඩාවක් ඇති බවද හෙළිවී ඇත.

කල්ලිය පුද්ගලයන් 60 සිට 70 දක්වා පිරිසකගේ සහාය ලබාගෙන ඇති අතර මුම්බායි පොලිස් මූලාශ්‍රවලට අනුව අදාළ කල්ලිය විසින් සකස් කරන ලද සංකීර්ණ සැලැස්මට අනුව ඒ සෑම පුද්ගලයෙකුට නිශ්චිත භූමිකාවක් පවරා තිබේ. 

ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමෙන් පසු, ප්‍රහාරකයින්ට තමිල්නාඩුවේ කන්‍යාකුමාරි වෙත පළා යන ලෙස උපදෙස් දී ඇති බවද අනාවරණය වෙයි.

එහිදී ඔවුන් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පළායෑමට නියමිතව සිට තිබේ.

එතැන් සිට පහසුකම් සපයන ලද වෙනත් රටකට ඔවුන් ආරක්ෂිතව ගමන් කිරීම සඳහා විධිවිධාන ක්‍රියාත්මක වී තිබූ බවද ඉන්දීය පොලීසිය අනාවරණය කරගෙන ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka