gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති තොණ්ඩමන්ගේ MSD ගිනිඅවි පොලිසියට භාරදි ටිකකින් ආපසු අරන් යයි

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාගේ ආරක්ෂාවට යොදවා තිබු පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ ගිනි අවි තලවකැලේ පොලිසිය වෙත (01) දින භාර දි පැය කිහිපයකට පසු ආපසු ඇමති ආරක්ෂක අංශ නිලධාරින් පොලිසිය වෙත පැමිණ එම ගිනි අවි නැවත භාරගෙන ඇත.

පසුගිය දින කිහිපය තුල අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා නුවරඑලිය ප්‍රදේශයේදි කලහකාරි ලෙස හැසිරිම සහ (01) දින එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් රැගෙන නුවරඑලිය පොලිසිය ඉදිරිපිටට ගොස් අමාත්‍යවරයා නොසන්සුන්කාරි ලෙස හැසිරිම හේතුවෙන් ඇමති ආරක්ෂක අංශයෙන් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාගේ ආරක්ෂක අංශ නිලධාරින් වෙත ලද නියෝගයක් මත එම නිලධාරින් (01) දින 7 ට පමණ තලවකැලේ පොලිසිය වෙත ගොස් ඇමති ආරක්ෂක අංශ නිලධාරින් තිදෙනෙකුගේ ගිනි අවි භාර දි ඇත.

ඇමති ආරක්ෂක අංශයේ ගිනි අවි භාර ගන්නා ලෙස තලවකැලේ පොලිසියට පොලිස් දුරකථන පණිවිඩයක් ලැබි තිබු අතර , යලිත් පැය කිහිපයකට පසු පොලිසිය වෙත භාරගත් ගිනි අවි එම නිලධාරින්ට යලි භාරදෙන ලෙස තලවකැලේ පොලිසියට ලද පොලිස් දුරකථන පණිවිඩයක් මත එම ගිනි අවි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් වෙත භාර දි ඇත.

ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් (01) දින රාත්‍රි 11 ට පමණ තලවකැලේ පොලිසිය වෙත පැමිණ ගිනි අවි යලිත් භාරගෙන ඇත.

– රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka