gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමර්ශනවලින් පසු උද්දික අත්අඩංගුවට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා, සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සමග එක්ව සිය මෝටර් රථයට වෙඩි තබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතුවලින් අනතුරුව හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වෙඩි තැබීම උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුදැනුම මත සිදුවූයේ නම් කුමන්ත්‍රණය කිරීම, රජය සහ පොලිසිය නොමඟ යැවීම ඇතුළු චෝදනා රැසක් ඒ මහතාට එල්ල වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියි.

මේ වනවිට සිදුකර ඇති විමර්ශනවලදී හෙළි වී ඇති අන්දමට, අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා හිටපු මන්ත්‍රීවරයාගේ මෝටර් රථයට වෙඩි තැබීමට පෞද්ගලිකවම පැමිණ ඇත.

වෙඩි ප්‍රහාරයෙන් පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකර ඇත්තේ ද සංජීව මහනාම විසින් බව ද මේ වනවිට හෙළි වී තිබේ.

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරිවරයා මෝටර් රථයෙන් පැමිණෙන අයුරු සහ පිටව යන අයුරු සීසීටීවී කැමරාවලින් අනාවරණය වී ඇති බව ද පොලිසිය පවසයි.

මේ වනවිට සංජීව මහනාම සිය බිරිඳ සහ දරුවන් සමග මැලේසියාවට පලාගොස් සිටියි. සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

ඉකුත් 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 17 වැනිදා රාත්‍රියේ අනුරාධපුරයේදී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට ප්‍රහාරයක් එල්ල විය.

හේමන්ත රන්දුණු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka