gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුරු විරෝධයට සම්බන්ධ ස්ටාලින් ඇතුළු පිරිසට අධිකරණයෙන් තහනමක්!

ගුරු – විදුහල්පති විරෝධයට සම්බන්ධ වන පුද්ගලයින් කිහිපදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) ආඥාවක් නිකුත් කර ඇත. ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, අමිල සඳරුවන්, වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායක, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්ටි, මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ඉහත නම් සඳහන් අයගේ සාමාජිකයින් වෙත අදාළ නියෝගය නිකුත් කර ඇත.

අද (26) දින උදෑසන 10.00 සිට සවස 6.00 දක්වා කාලයේදී කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වා මාර්ගය ද,  NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලුපාර ද අවහිර නොකරන ලෙසත් මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම වළකින ලෙස සදහන් කර ඇත.

තවද සංදේශ භාරදීම සඳහා සුළු කණ්ඩායමකට පමණක් වගකිව යුතු රජයේ නිලධාරියෙකු නීත්‍යානුකූලව ලබාගත් අවසරයක් මත ඇතුළු වීමට බාධාවක් නොමැති බවද අධිකරණය දුන් නියෝගයේ සඳහන් වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka