gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුරගේ ඒකපාර්ශවීය විවාදයේ තිර පිටපත ඡායාරූප සහිතව මරික්කාර හෙළි කරයි

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් පසුගියදා ස්වාධින රුපවාහිනිය ඔස්සේ විකාශය වූ ඒකපාර්ශවීය විවාදය පිළිබඳවද අදහස් දැක්වීය.

ස්වාධීන රුපවාහිනියේ සභාපතිවරයා ජාතික ජන බලවේගය විධායක සභික ලාල්කාන්ත සමඟින් සිටිනා ඡායාරුපයක් මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරමින් මන්ත්‍රීවරයා චෝදනා කළේ ඔවුන් විසින් නිර්මාණය කළ තිර පිටපතකට අනුව එම ඒකපාර්ශවීය විවාදය පැවැත්වූ බවයි.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ,

මෙම විවාදය පැවැත්වෙන්නේ ප්‍රධානතම ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා අතර නිසා අප ඔවුන්ව දැනුම්වත් කළේ මේ සඳහා ස්වාධින නිරීක්ෂකයන් අවශ්‍ය බවටයි.

ඒ සඳහා සජබ විසින් යෝජනා කර තිබුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයයි. එමෙන්ම එම විකාශය සියලු මාධ්‍ය ආයතන සඳහා විවෘත කරන ලෙස සජබය යෝජනා කර තිබියදී ආණ්ඩුව යටතේ පවතින මාධ්‍ය ආයතනයක එය විකාශය කිරීමත් ඊට අනුර කුමාර දිසානායක මහතා සහභාගීවීමත් කැපිපෙනෙන සිදුවීමක්.

එහිදී මරික්කාර් මන්ත්‍රීවරයා අභියෝග කළේ හැකිනම් ආර්ථික කමිටු විවාදයද ඒ හා සමානවම පවත්වන ලෙසයි. සමගි ජන බලවේගය විසින් ආර්ථික කමිටු විවාදය යෝජනා කළ දිනයෙන් පසු තමා මෙරට කිසිදු මාධ්‍යයක විවාදයක හෝ සාකච්ඡාවක සුනිල් හඳුන්නෙත්ති මහතා නොදුටු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ස්වාධින රුපවාහිනියේ සභාපතිතුමන් ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු බවත්, විවාදය මෙහෙයවූ මාධ්‍යවේදියා රාජපක්ෂවරුන් හා සම්බන්ධව සිට සිරගත වූ චරිතයක් බවද මන්ත්‍රීවරයා සිහිපත් කර දෙන ලදී.

ජනාධිපති උපදේශකවරුන්, ජවිපෙ හා එක්ව සංවිධාන කළ විවාදයකට ආරාධනා කර පමණින් අප සහභාගී විය යුතු නැතැයි මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka