gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිතුමතේ කෙරෙන කැසිනෝවලින් රජයට කෝටි ගණනක පාඩුවක්

නියාමනය කෙරෙන නීති නැති හෙයින් ඔන්ලයින් කැසිනෝවලින් රටට රුපියල් කෝටි ගණනින්  ආදායම් අහිමි වෙමින් පවතින බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

ඔන්ලයින් කැසිනෝ නියාමනය සඳහා ඉක්මන් පියවර ගන්නැයි ද ඔහු ඉල්ලා සිටියි.

කැසිනෝ ඇතුළු සූදු ව්‍යාපාරවලින් අය විය යුතු හිඟ බදු අය කර ගැනීමට හා මෙවැනි ව්‍යාපාර සඳහා විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට ඉතාමත් වැදගත් වන නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය නීති සම්මත කර ගැනීමට කඩිනමින් කටයුතු ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
.
මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලාන්සා, මයන්ත දිසානායක, චන්දිම වීරක්කොඩි, ආචාර්ය නාලක ගොඩහේවා, හර්ෂණ රාජකරුණා සහ මධුර විතානගේ මහත්වරු ද  සහභාගි වූහ.

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka