වාහන බලපත‍්‍ර ගැනීම ගැන SJB මන්ත‍්‍රීන් දෙපිල බෙදී ගැටෙති..
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් සමඟි බලවේගයේ බරපතළ බෙදීමක් හටගෙන ඇති බව වාර්තා වෙයි. මෙම බලපත්‍රය ලබාගැනීමට ඇතැම් ජ්‍යෙෂ්ඨයන් විසින් මන්ත්‍රීවරුන් දිරිමත් කරද්දී තවත් නායකයන් එය ලබා නොගන්නා ලෙසට බලපෑම් කිරීම හේතුවෙන් මෙම බෙදීම ඇති වී තිබේ.
එම තත්ත්වය මත එම පක්ෂයේ දැඩි මතභේදාත්මක තත්ත්වයක් උදාවී ඇත.
පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පීඩනයෙන් සිටිද්දී මන්ත්‍රීවරුන් වාහන බලපත්‍ර ලබාගතහොත් එය පක්ෂයේ ඡන්ද පදනමට බලපෑමක් එල්ල වනු ඇතැයි බලපත්‍රය ලබා නොගන්නා ලෙස බලපෑම් කරන මන්ත්‍රීවරුන්ගේ අදහසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද තරයේ ප්‍රකාශ කර ඇත්තේ මෙම අවස්ථාවේ වාහන බලපත් ලබා දීමට විරුද්ධ බවයි.
කෙසේ වෙතත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වාහන බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලීම් දිගටම කරන ලෙස එම මන්ත්‍රීවරුන්ටත් දිරිමත් කරමින් සිටී.
වාහන බලපත‍්‍ර ගැනීම ගැන SJB මන්ත‍්‍රීන් දෙපිල බෙදී ගැටෙති..
2024-06-08T18:51:00+05:30
Gossip Lanka Hot News






