gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂලාට ගහලා ගහලා ගිහින් මහින්ද-බැසිල් හොරෙන්ම හමුවූ ‘වෙන්ඩ ජනාධිපති’! ලැජ්ජ නැතිව අපේක්ෂකකමත් ඉල්ලලා!

පසුගිය වසර කිහිපය පුරාම රාජපක්ෂවරුන්ව නිර්දය ලෙස විවේචනයට ලක්කළ විපක්ෂයේ සිටින පක්ෂ නායකයකු පසුගිය සතියේ හොර රහසේම පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

ජනාධිපති වීමේ සිහිනයකින් පෙළෙන මෙම මන්ත්‍රීවරයා පසුගිය කාලය පුරා පක්ෂ සහ සන්ධාන කිහිපයකින්ම තරග වැද පාර්ලිමේන්තුවට පිවිසි අයෙකි.

කලක් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුරයක් පවා දැරූ එම මන්ත්‍රීවරයා පසුව ඉන් ඉවත්ව දිගින් දිගටම රාජපක්ෂවරුන්ගේ දේශපාලනය දැඩිව විවේචනය කිරීමට පියවර ගත්තේය.

කෙසේ වෙතත් පසුගිය සතියේදී රාජපක්ෂ පවුලේ ප්‍රබලයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා හමුවී සුහද කතාබහක නිරත වීමට මෙම පක්ෂ නායකයා කටයුතු කොට ඇති බව පැවැසේ.

එහිදී තමන්ට රාජපක්ෂවරුන් සමග කිසිදු ගැටලුවක් නොමැති බවත්, ගැටලුව තිබුණේ තමන් සමග සිටි අයකුට බවත් මෙම පක්ෂ නායකයා විසින් බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බවද වාර්තා වේ.

මීට අමතරව තමන්ට ඉදිරි මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබා දෙන ලෙසට මෙම පක්ෂ නායකයා විසින් ඉල්ලීමක් කොට ඇති බවද වාර්තා වේ.

- mawratanews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka