gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝටාභය මරන්නයි හිටියේ.. සෝභිත හිමි තමයි නැවැත්තුවේ..- අගරල නායකයෙකු මාධ්‍ය හමුවේ (VIDEO)

ගාළු මුවදොර අරගලයේ අවසන් අදියරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතය බේරා දුන්නේ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් බව අරගලයේ ක්‍රියාකාරිකයකු වූ ෂෙහාන් මාලක මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා විසින් අඬා වැළපෙමින් දුරකථනයෙන් අමතා තම නායකයා බේරාදෙන්නැයි ඕමල්පේ සෝභිත හිමියන්ට පැවසූ බවය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට ගුවන් තොටුපලෙන් පිටව යාමට ලිපි ලේඛන කටයුතු සිදුකර ගැනීමට සෝභිත හිමියන් මැදිහත් වූ බව ෂෙහාන් මාලක මහතා පවසයි.

එදා කුක්කන්සේ මර බියේ පලා ගොස් අද ඇතැම් පිරිස් පරස්පර විරෝධී ප්‍රකාශ සිදු කරමින් සිටින බව පවසන ෂෙහාන් මාලක මහතා සිදුවන්නට ගිය මහා ලේ වැගිරීම් ගණනාවක් නතර කර ගැනීමට තමන් ඇතුළු අරගලයේ සිටි ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුට හැකි වූ බවද එහිදී සඳහන් කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka