gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නාමල්, අමරවීර ගල උඩ සටනකට ලෑස්තියි!

පොහොට්ටු පක්ෂයෙන් වෙන් වූ නිමල් ලන්සා පිල මහින්ද අමරවීරගේ මූලිකත්වයෙන් ලබන 08 වෙනි දින අම්බලන්තොටදී ජන රැලියක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින අතර එය තමන් වෙත එල්ල කරන ලද බලවත් අභියෝගයක් ලෙස නාමල් රාජපක්ෂ සලකන බව වාර්තා වේ.

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත්කර සිටින නාමල් රාජපක්ෂ ද ඉතා කඩිමුඩියේ 09 වෙනි දින අඟුණකොළපැලැස්සේදී රැලියක් පවත්වා විශේෂයෙන් ම මහින්ද අමරවීර සමඟ දිස්ත්‍රික්කය තුළ සටනට තමන් සූදානම් බව ඔප්පු කිරීමට සැලසුම් කර තිබේ.

ඇතැම් විශ්ලේෂකයන්ට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුරයක් හෝ ආරක්ෂා කර ගැනීම රාජපක්ෂ පවුලට අභියෝගයක් බවට පත්ව තිබේ. මහින්ද අමරවීර සමඟ එම පවුල ගල උඩ සටනකට සැරසී සිටින්නේ සාම්ප්‍රදායික ප්‍රභූත්වය රැක ගැනීමට බව හෙළිවී තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka