ඩෙල්ෆ් දූපතේ සක්වළට යන අතරමඟ සිදුවූ දේ නිසා මහ මුහුද මැදදී සජිත් LIVE එයි!
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ ඩෙල්ෆ් දූපතේ ඇති පාසලටත් රුපියල් 1,177,000 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම අද දින සිදු කිරීමට තිබුණත් උතුරු මුහුදේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම පාසලට ළගා වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කණ්ඩායමට නොහැකි වුණා.
එහි දී නාවික හමුදාව උපදෙස් දී තිබුණේ පවතින අයහපත් කාලගුණය නිසා එම පාසලට බෝට්ටුවෙන් යා නොහැකි බවයි.
එම නිසා අද දිනට යෙදී තිබූ එම උත්සවය කල් දැමීමට සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් තමා අතිශය කණගාටු වන බවත් නුදුරු දිනක දී එම භාණ්ඩ ලබා දීම සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.
ඩෙල්ෆ් දූපතේ සක්වළට යන අතරමඟ සිදුවූ දේ නිසා මහ මුහුද මැදදී සජිත් LIVE එයි!
2024-06-11T15:03:00+05:30
Gossip Lanka Hot News






