gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව පනත අනුව CEB සමාගම් 12කට වෙන් කරයි.. කැමති සමාගමක් තෝරගන්නැයි සේවකයන්ට දන්වති!

සම්මත කරන ලද නව විදුලි බල පනත අනුව විදුලිබල මණ්ඩලයේ සේවකයන් ආයතන 12කට බෙදා වෙන් කිරීම ආරම්භ කර ඇති බව ලංකාවේ විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසයි.

ඒ අනුව කැමති සමාගමක් තෝරා දෙන ලෙස පාලනාධිකාරිය විසින් දැනටමත් සේවකයන්ට දන්වා ඇති බවත් හෙතෙම පැවසීය.

ඒ සඳහා සේවකයන්ට කැමති සමාගමක් තෝරා ගැනීමට මාසයක කාලයක් ලබා දී ඇති බවද හෙතෙම කියා සිටියි.

නව විදුලි පනත සම්මත වී ඇති නිසා කිසිවකුට මේ සම්බන්ධයෙන් කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වී ඇති බවද ඔහු පැවසීය.

නව සමාගම් දොළහට වෙන වෙනම මුල්‍ය අංශ ඇති බැවින් විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානයේ මුල්‍ය අංශයේ සේවකයන්ගේ රැකියා අවධානමකට දැක්වී ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටී.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය තවදුරටත් රජය යටතේ පවතින බවත් එය කිසිවෙකුට හෝ විකුණා නොමැති බව හෙතෙම තවදුරටත් සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka