gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ගේ ‘ළදරු සෙල්ලමක්’ අනුර පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේදී මතු කිරීමට නියමිත ප්‍රශ්නයම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මතු කළ බවත් එය විපක්ෂ නායකවරයාගේ බොළඳ ක්‍රියාවක් ලෙසින් හැඳින්විය හැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තුවේදී මතු කිරීමට තමන් විපක්ෂ නායක කාර්යාලයට ඉදිරිපත් කළ ප්‍රශ්නයම විපක්ෂ නායකවරයා විසින් තමන් ඉදිරියේ මතු කළේ කෙසේදැයි දිසානායක මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් විමසා සිටියේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන කරුණු පැහැදිලි කළේ විපක්ෂ නායක කාර්යාලයෙන් ප්‍රශ්න දෙකක් මහලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇති බවත් එක් ප්‍රශ්නයක් විපක්ෂ නායකවරයා විසින් මතු කිරීමට පෙරවරු 11.40ට භාරදුන් බවත් තවත් ප්‍රශ්නයක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් මතුකිරීමට දහවල් 12.10ට භාරදුන් බවත්ය.

දිසානායක මන්ත්‍රීවරයා විමසා සිටියේ විපක්ෂ නායක කාර්යාලය හරහා ගොස් ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට ඉදිරිපත් කිරීම වෙනුවට කෙළින්ම ඉදිරිපත් කළ හැකිද යන්නයි.

මන්ත්‍රීවරයාට අවශ්‍ය නම් එම ප්‍රශ්නය කෙලින්ම මහලේකම්වරයාට ඉදිරිපත් කළ හැකි බව කථානායකවරයා පැවසීය.

දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ “අපි සාමාන්‍යයෙන් ප්‍රශ්න යවන්නේ විපක්ෂ නායක කාර්යාලය හරහායි. අවසර දුන්නොත් මම කෙලින්ම මහලේකම්ට යවනවා. මම හිතන්නේ ඒක හොඳයි. මේක බොළඳ සෙල්ලමක්. මට එතුමා ගැන අනුකම්පාවක් දැනෙනවා.” යැයි ඔහු සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka