කොටි සංවිධානය, තව්දිහ් ජමාත් සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක අරමුදල් සහ වත්කම් අත්හිටුවීමට රජය පියවර ගනී!
ඊයේ (03) දිනයේදී ආරක්ෂක අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සංවිධාන 15ක සහ පුද්ගලයින් 210කගේ සියලු අරමුදල් සහ වත්කම් අත්හිටුවීමට රජය පියවර ගෙන ඇති බවයි.
2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝග ප්‍රකාරව මෙරට තුළ ක්‍රියත්මක ත්‍රස්තවාදී සහ අන්තවාදී සංවිධාන 15ක් සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් 210කගේ සියලු අරමුදල් වෙනත් මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් මෙසේ අක්‍රීය කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි හෙවත් එල්.ටී.ටී.ඊ සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය හෙවත් ටී.ආර්.ඕ සංවිධානය, ජාතික තව්දිහ් ජමාත් හෙවත් එන්.ටී.ජේ සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් හෙවත් ජේ.එම්.අයි සංවිධානය ඇතුළු සංවිධාන 15ක සියලු අරමුදල් සහ වත්කම් අත් හිටුවාඇති බව වාර්තා වේ.
එමෙන්ම ත්‍රස්තවාදී කටයුතු සහ ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 113 දෙනෙකුගේ සියලු මුදල් හා වත්කම් ද අක්‍රීය කර ඇති බවද සඳහන් වේ.
කොටි සංවිධානය, තව්දිහ් ජමාත් සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක අරමුදල් සහ වත්කම් අත්හිටුවීමට රජය පියවර ගනී!
2024-06-04T14:55:00+05:30
Gossip Lanka Hot News






