ITN අනුර සජිත් විවාදයට විකාශ කාලය වෙන් කර දෙපාර්ශවයට ආරාධනා කරයි! බ්‍රහස්පතින්දා රෑ 10 සිට “තුලාව” වැඩසටහන විවාදයට සූදානම්…
සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර විවාදය බ්‍රහස්පතින්දා (06) පැවැත්වීමට ඇති සූදානමක් සම්බන්ධව පැහැදිලිවන බවත්, ස්වාධීන රූපවාහිනී සේවය ඒ් සඳහා කාලය වෙන් කර සියලු පහසුකම් සලසා ඇති බවත් ස්වාධීන රූපවාහිනි සේවය ලිඛිතව දන්වා ඇත.
ජුනි මස 06 වැනි දින බ්‍රහස්පතින්දා රාත්‍රි 10ට ස්වාධීන රූපවාහිනී සේවයේ HD මැදිරිය එම විවාදය පැවැත්වීමට පහසුකම් සලසා ඇති බව දන්වමින් ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන අනුර – සජිත් දෙපාර්ශවය වෙත මේ වනවිට ලිඛිතව දන්වා තිබේ.
ඒ් අනුව නියමි දිනයේ දී විවාදයට සහභාගී වන ලෙස ස්වාධීන රූපවාහිනී සේවය දෙපාර්ශව වෙත ආරාධනා කර ඇත. විවාදය සජීවීව බෙදා හැරීම සඳහා ද කටයුතු සම්පාදනය කරඇති බව එම සේවය දන්වයි.
මෙම වැදගත් විවාදය සංවිධානය කිරීම සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ) සුධර්මන් රදලියගොඩ පත්කර ඇති බව ද සභාපතිවරයා දන්වා තිබේ.
ITN අනුර සජිත් විවාදයට විකාශ කාලය වෙන් කර දෙපාර්ශවයට ආරාධනා කරයි! බ්‍රහස්පතින්දා රෑ 10 සිට “තුලාව” වැඩසටහන විවාදයට සූදානම්…
2024-06-04T23:24:00+05:30
Gossip Lanka Hot News








