මුලින්ම යෝජනා කළේ ආර්ථික කමිටු විවාදය මිස නායකයින් අතර විවාදය නොවේ… සජබ අයිටීඑන් එකට දන්වයි!
සමගි ජන බලවේගය විසින් 2024.03.21 දින යෝජනා කළේ සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු විවාදයට මිස සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර විවාදයකට නොවන බවත්, ස්වාධීන රූපවාහිනී සේවය පහසුකම් සලසන බව කීවේ ආර්ථික කමිටු අතර විවාදය සඳහා බවත් අවධාරණය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසින් ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා වෙත ලිපියක් යවා ඇත.
සමගි ජන බලවේගය විසින් නායකයින් අතර විවාදයට එකඟ වූයේ මුලින්ම ආර්ථික කමිටු අතර පැවැත්වෙන විවාදයෙන් අනතුරුව බව ද විවාදය සම්බන්ධීකරණය සඳහා කොන්දේසි මාලාවක් ඉදිරිපත් කළ බව ද නලීන් බණ්ඩාර පෙන්වා දෙයි.
ඒ බව දන්වමින් ජාතික ජන බලවේගය ස්වාධීන රූපවාහිනී සේවයට යැවූ ලිපිය පහත දැක්වේ.
මුලින්ම යෝජනා කළේ ආර්ථික කමිටු විවාදය මිස නායකයින් අතර විවාදය නොවේ… සජබ අයිටීඑන් එකට දන්වයි!
2024-06-07T07:01:00+05:30
Gossip Lanka Hot News








