නුවර ගුරුවරියකට විවාහ පොරොන්දු දී මුදල් වංචා කළ නඩුවෙන් රන්ජන් රාමනායක නිදොස් කොට නිදහස්!
විවාහ පොරොන්දුවක් දී ඇසුරු කරමින් කටුගස්තොට පාසල් ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 10ක් වංචාකළ චෝදනාවක් සම්බන්ධයෙන් විභාග වෙමින් තිබූ නඩුවෙන් රන්ජන් රාමානයක නිදොස් කොට නිදහස් කිරීමට අද ( 12) මහනුවර අධිකරණය නියෝග කළේය.
කටුගස්තොට ප්‍රදේශයේ පාසල් ගුරුවරියක විවාහ කරගන්නා බව පවසා ඇගෙන් රුපියල් මිලියනයක පමණ මුදලක් වංචා කරන ලදැයි රන්ජන් රාමනායකට චෝදනා එල්ල වූ අතර, එම ගුරුවරිය විසින් ඔහුට එරෙහිව ගොනුකල පැමිණිල්ල මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව වර්ෂ 2010 දී අත් අඩංගුවට ගත්තේය.
මේ හේතුවෙන් දින කිහිපයක් බෝගම්බර බන්ධනාගාරගතව සිටි රන්ජන් රාමනායක ඉන් ඇපමත නිදහස්ව අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසියේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාල චෝදනාවෙන් ඔහුව නිදොස්කොට නිදහස් කිරීම අධීකරණය අද නියෝග කළේය.
නුවර ගුරුවරියකට විවාහ පොරොන්දු දී මුදල් වංචා කළ නඩුවෙන් රන්ජන් රාමනායක නිදොස් කොට නිදහස්!
2024-06-12T21:29:00+05:30
Gossip Lanka Hot News






