මෙවර ජනාධිපතිවරණය සඳහා තමන් ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් තරග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා දෙමළ ජනතා සන්ධානයේ මහලේකම් එම්.කේ.ශිවාජිලිංගම් පවසයි.
ඊයේ (11) යාපනයේ පැවති මධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දෙමළ දේශපාලන පකවලට ජනාධිපතිවරණය සඳහ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එතරම් වුවමනාවක් නොමැති බවක් පෙනෙන්නට ඇති නිසා තමන් මේ තීරණය ගත් බවය.
පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිණිස දෙමළ දේශපාලන පක්ෂවලට තවමත් කාලය ඉතිරි වී තිබෙන බව සඳහන් කළ සිවාජිලිංගම් ඔවුන් දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් එම අපේක්ෂකයාට සහය ලබා දීම පිණිස තම තීරණය හකුලා ගන්නා බවද ප්‍රකාශ කළේය.
සිවිල් සමාජයට ජනවරමක් නොමැති බව උතුරේ දෙමළ දේශපාලනඥයින් ප්‍රකාශ කරමින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පසෙක ලා කටයුතු කිරීම දෙමළ ජනයාගේ දීන කම ප්‍රදර්ශනය කිරීමක් ලෙස ඔහු හදුන්වා දුන්නේය.
තමන් පසුගිය මහ මැතිවරණයකදී කුරුණාගල දිස්ත්‍රික්කයට මහින්ද රාජපක්ෂට එරෙහිව තරග කළේ දෙමළ ජනයාටද මේ රටේ ඇති අයිතිවාසිකම පෙන්වා දීම සඳහා බව සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.