පාස්කු ප්‍රහාරයේ මුල සොයන්න කම්ටුවක්.. සියලු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි
පසුගිය 2019 අප්‍රේල් (21) දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විමර්ශන කමිටුවක් පත් කර ඇත.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස්ගේ සභාපතිත්වයෙන් යුත් මෙම විමර්ශන කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන කේ. එන්. කේ.සෝමරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඩබ්. එම්.ඒ.එන්. නිෂේන් පත් කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සාරතාංජලී මනෝහරන් කටයුතු කරයි.
2019 අප්‍රේල් (21) වන දින සිදුවූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ ඉන්දීය ඔත්තු සේවා ආයතන සහ වෙනත් මූලාශ්‍ර මඟින් ලද පූර්ව තොරතුරු හෝ බුද්ධි තොරතුරු මත රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් අදාළ බලධාරීන් විසින් ක්‍රියාමාර්ග ගෙන තිබේද යන්න පිළිබඳ මෙන්ම එසේ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් ඒවා ප්‍රමාණවත්ද යන්න කමිටුව මඟින් විමර්ශනය කිරීමට නියමිතය.
බෝම්බ ප්‍රහාර පිළිබඳ විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාවේ 2021 ජනවාරි (31) දින අවසන් වාර්තාව ඇතුළත් සංයුක්ත තැටිය ද විමර්ශන කමිටු වෙත ලබාදී ඇති අතර අදාළ කරුණු සම්බන්ධව අදාළ ඕනෑම නිලධාරීන්ගෙන් විමසීමට සහ ලේඛන පරීක්ෂා කිරීමට ද ජනාධිපතිවරයා විසින් කමිටුවට බලය පවරා ඇත.
ඒ අනුව එළඹෙන සැප්තැම්බර් (15) වැනි දින හෝ ඊට පෙර අදාළ කමිටුව වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට උපදෙස් ලබාදී ඇත.
පාස්කු ප්‍රහාරයේ මුල සොයන්න කම්ටුවක්.. සියලු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි
2024-06-12T20:25:00+05:30
Gossip Lanka Hot News






