පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගුණතිලක රාජපක්ෂගේ පුත්‍රයා විසින් තම පියාට පහරදීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව කොටුව පොලිසියට පැමිණිලි කර ඇත.
මහින්දානන්ද අලුත්ගමගේ තම පියාට සිදුකළ පහර දීම හේතුවෙන් ඔහුගේ පාදයේ අස්ථි බිඳී සැත්කමකින් ඊට යකඩ තහඩු යොදා ඇති බවත් තම පියා මේ වනවිට කොළඹ යුද හමුදා රෝහලේ දැඩි සත්කාරය ඒකකයේ ප්‍රතිකාර ලබන බවද සදහන් කරයි.
කෙසේ වෙතත් ලැබී ඇති පැමිණිල්ල අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවත් ගුණතිලක රාජපක්ෂගේ ප්‍රකාශයක් ලබා ගැනීමට ගියද ඔහු දැඩිසත්කාර ඒකකයේ පසුවීම නිසා ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි වු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව සදහන් කරයි.
