gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගංවතුර‍ට ගෙදර හිටියොත් කන්න නොදෙන්න චක්‍රලේඛයක් ගහලා!

ගංවතුරෙන් අවතැන්ව කඳවුරුවලට නොගොස් කිසියම් හෝ නිවසක රැඳී සිටින පුද්ගලයන්ට රජයෙන් පිසූ ආහාර ලබානොදීමේ චක්‍රලේඛයක් හේතුවෙන් ග්‍රාම නිලධාරීන්ට ගමට යාට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ඔවුහු පවසති.

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයේ සඳහන් පරිදි රජයෙන් පිසූ ආහාර ලබාදෙන්නේ අවතැන් කඳවුුරුවල සිටින අයට පමණි. 

අවතැන්ව නිවාසවල රැඳී සිටින අයටද රජයෙන් පිසූ මේ ආහාර ලබාගැනීමට අවශ්‍ය නම් ඔවුන් කඳවුරු කරා පැමිණිය යුතුව ඇත. 

නැත්නම් මෙම චක්‍රලේඛය සංශෝධනය විය යුතු බව ග්‍රාම නිලධාරීහු පෙන්වා දෙති.

මෙම ආපදා කළමනාකරණ චක්‍රලේඛය හරස්වීම නිසා දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් අවතැන් කඳවුරුවල නොසිටින අවතැන් වූවන්ට පිසූ ආහාර සඳහා රජයේ ප්‍රතිපාදන වෙන් කිරීමට ඉදිරිපත් නොවන බවද ග්‍රාම නිලධාරීහු පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත අවතැන් කඳවුරුවල නොමැති අවතැන් වූවන්ට ආහාර සපයා දීම සඳහා ගම්වාසීන්ගේ හා දානපතියන්ගේ සහාය පතන්නට සිදුවී ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

ගංවතුරෙන් අවතැන් වූවන්ගෙන් සියයට අනූවක්ම අසල ඥාති නිවාස හෝ හිතමිතුරන්ගේ නිවාසවල රැඳී සිටින බවත්, පන්සල් හා පාසල්වල අවතැන් කඳවුරුවල සිටින්නේ ගමේ කාත් කවුරුවත් නොමැති අය බවත් ග්‍රාම නිලධාරීහු පවසති.

‘‘ආණ්ඩුවේ ප්‍රතිපාදනවලින් වෙන් කරන මුදලින් දිනකට තුන් වේලක් ආහාර හා දෙවරක් තේ ලබාදීම සඳහා රුපියල් හාරසිය පනහක් පමණ වෙන් කරලා ප්‍රමාණවත් නැහැ. අවතැන් වූ අයට කන්න දෙන්න, ඇඳුම් පැලඳුම්, කාන්තා සනීපාරක්ෂක ඇඳුම්, දරුවන්ට ඇඳුම් පවා දෙන්න දානපතියන් සොයා යන්න වෙලා. කන්න නම් අවතැන් කඳවුරුවලට එන්න කියලා අවතැන් වූවන්ට කිව්වොත් ඒ අය ග්‍රාම නිලධාරීන්ටත් අල්ලන් ගහයි’’ යැයි ග්‍රාම නිලධාරීහු මාධ්‍යට පවසා ඇත.

‘‘2022 වසරේ පටන් අපි මේ චක්‍රලේඛය සංශෝධනය කරන්නැයි ඉල්ලනවා. ගංවතුරක් ආවොත් විතරයි නිලධාරීන්ට මේක මතක් වෙන්නේ. තාමත් විසඳුමක් නැහැ. ආපදා නිලධාරීන් ඩබල් කැබ් එකෙන් ඇවිල්ලා බලලා යනවා විතරයි. වතුරේ පීඩාවට ලක්වූ අය බලන්න යන්න ග්‍රාම නිලධාරීන්ට බූට්ස් දෙකක්වත් දීලා නැහැ’’ යැයි ග්‍රාම නිලධාරී සංගමය පෙන්වා දෙයි.

මූලාශ්‍රය – අරුණ
 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka