gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රන්ගේ බණ්ඩාරගේ ප්‍රකාශය ජනතාවගේ අවධානය අනවශ්‍ය කරුණුවලට යොමු කිරීමක් - මහින්ද දේශප්‍රිය

ජනාධිපතිවරණය වෙනුවට බොරු ජනමත විචාරණයක් පැවැත්වීම වැනි ප්‍රකාශ සිදු කිරීම ජනතාවගේ අවධානය අනවශ්‍ය කරුණුවලට යොමු කිරීමක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ජනමත විචාරණයක් පවත්වා කල්දැමිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා,

"ජනාධිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කරනවා නම් ඒකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යන්න ඕන.

ඒ සඳහා පනත් කෙටුම්පතක් හඳලා, ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනිහින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් එකඟද කියලා බලලා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකත් ඇවිල්ලා, එතනදිත් කිව්වොත් තමයි ජනමත විචාරණයකට යන්න පුළුවන්.

ජනමත විචාරණයක් පවත්වා දිනාගැනීමට හැකියාවක් තිබෙනවානම්, ඇයි ජනමත විචාරණයක් තියන්නේ, කෙළින්ම ජනාධිපතිවරණය තියලා දිනාගත්තානම් හරිනේ.

අනෙක් පැත්තට බැලුවොත් යම් විදියකින් ජනමත විචාරණය තියලා පරාජය වුණොත්, ආයේ ජනාධිපතිවරණයක් තියන්න වෙනවා. ඒක වියදම් දෙකක්.

ඒ වගේම ජනමත විචාරණයක් කිසිසේත්ම නිල කාලය දීර්ඝ කිරීමට ආදේශකයක් නෙවෙයි.

ඒ නිසා ඇත්ත ජනාධිපතිවරණය වෙනුවට මේ බොරු ජනමත විචාරණයක් පැවැත්වීමට ගියොත්, සමහර වෙලාවට ඡන්ද හතරක් පැවැත්වීමට සිදුවෙයි.

මේක හරියට වෙන්නේ නැති දෙයක් ගැන කථා කරනවා වගේ.

මට හිතෙන්නේ මේ ජනමත විචාරණ කථාව ජනතාවගේ අවධානය අනවශ්‍ය කරුණුවලට යොමු කරනවා කියන එක.

අපි මෙතනින් එහාට මේ ගැන කරුණු සාකච්ඡා කිරීමෙන් වළකින්න ඕන" යනුවෙන් පැවසුවා.

(අම්බලන්ගොඩ - අනුරාධ)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka