gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාධ්‍යවේදියෙක් තොප්පියක් දාගෙන මහදිසාපති කාර්යාලයට ආවා කියා රත්නපුර හිටපු මහදිසාපතිනිය-රත්නපුර හිටපු OIC පහර දීලා! ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඔක්කොම මාධ්‍යවේදියාට වැඳ සමාව අරන්!

තොප්පියක් පැළඳ රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුළුවුණැයි කියමින් මාධ්‍යවේදියකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර හිටපු මහ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය සහ රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියාට වැද  ඊයේ (12) සමාව ගත්හ.

දෙපාර්ශවයේ එකඟත්වය මත සිද්ධිය සමථයට පත්වූ අතර මාධ්‍යවේදී සරත් විමලරත්න මහතාට එරෙහිව කිසිදු ඉදිරි පියවරක් නොගැනීමට ද ඔහුට එරෙහිව මහේත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට ද වගඋත්තරකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පොරොන්දු වූහ.

තොප්පියක් පැලඳ රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුළුවුණැයි කියමින් රත්නපුර දිසාපති කාර්යාලයේ ආරච්චිවරයකු, රත්නපුර පොලිසියේ හිටපු සැරයන්වරයකු, කුරුවිට හමුදා කදවුරේ යුද හමුදා කෝප්‍රල්වරයකු ඇතුළු පිරිසක් මාධ්‍යවේදී සරත් විමලරත්න මහතාට පහරදී අත්අඩංගුවට ගෙන රත්නපුර පොලීසියේ රඳවා ගැනීමෙන් ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩ කළැයි සඳහන් කරමින් පවරා ඇති පෙත්සම කැදවූ අවස්ථාවේදී නඩුව එසේ සමථයකට පත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

මාධ්‍යවේදී සරත් විමලරත්න මහතා ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රත්නපුර හිටපු මහා දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය, රත්නපුර දිසාපති කාර්යාලයේ ආරච්චිවරයා වශයෙන් කටයුතු කළ අනුරාධ බණ්ඩාර, රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා, රත්නපුර පොලිසියේ හිටපු කොස්තාපල් සමීර කුරුවිට, හමුදා කදවුරට අනුයුක්තව රාජකාරි කළ හමුදා කෝප්‍රල් සේනානායක ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.

(රන්ජන් කටුගම්පොල)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka