පොලිස් රැකවරණය යටතේ කඩාදැමූ සෝල් බීච් හෝටලයට රජය වන්දි ගෙවිය යුතු බවට මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි…
ආන්දෝලනයකට තුඩුදුන් දෙහිවල සෝල් බීච් හෝටලය කඩාදැමීමෙන් අදාළ කාලසීමාව තුළ සිදුවූ ආර්ථිකමය හානිය තක්සේරු කර එහි සේවකයින්ට සුදුසු වන්දි මුදලක් ගෙවන ලෙසත්, අත්තනෝමතික ලෙස ගොඩනැඟිල්ල කඩාදැමීමෙන් පැමිණිලිකරුවන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් තක්සේරු කර රජය විසින් එම මුදල ගෙවිය යුතු බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.
එමෙන්ම වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ක්‍රියාකර ඇති ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර සුදුසු පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ද මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇත.
තවද වගඋත්තර පාර්ශ්වයන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙතද නිර්දේශ කර තිබේ.
පොලිස් රැකවරණය යටතේ කඩාදැමූ සෝල් බීච් හෝටලයට රජය වන්දි ගෙවිය යුතු බවට මානව හිමිකම් කොමිසම නිර්දේශ කරයි…
2024-06-12T06:26:00+05:30
Gossip Lanka Hot News






