gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චන්ද්‍රිකාගේ වත්තෙන් හොරෙන් පොල් කැඩු තරුණයෙකුට වෙඩි තබයි.. අසාධ්‍ය වි රෝහලේ!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අයත් හොරගොල්ල වලව්වේ වත්තට ඇතුළු වී පොල් සොරකම් කිරීමට උත්සාහ දැරූ පුද්ගලයකුට වෙඩි තැබීම සම්බන්ධයෙන් එම ඉඩමේ මුරකරුවන් දෙදෙනාව ගිනිඅවිය ද සමඟ නිට්ටඹුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

නිට්ටඹුව හොරගොල්ලාගම පදිංචි 23 හැවිරිදි තරුණයෙක් මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.

ඔහුගේ තත්ත්වය අයහපත් වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා  කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.

මෙම වෙඩි තැබීම බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියකින් මෙම සිදුකර ඇත.

වෙඩි වැදී රෝහල් ගතකර සිටින පුද්ගලයා මත්කුඩු වලට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් බව පොලිසිය කියයි.

පසුගිය පෙබරවාරි 24 වැනිදා ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පුනරුත්ථාපනය වී පැමිණි අයෙක් බව ද අනාවරණය වී තිබේ.

ගයාන් කුමාර වීරසිංහ
එම්. පුෂ්ප කුමාර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka