මැතිවරණ කල් දැමීමට සම්මාදම් වන සියලු දේශපාලන පක්‍ෂ විනාශ වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.
රාජපක්ෂ මහතා කොළඹදී විශේෂ රැස්වීමකට සහභාගිවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් ලෙස මැතිවරණ කල්දැමීමට විරෝධය දක්වන බව කී නාමල් රාජපක්‍ෂ මහතා ඉතිහාසයේ සිටම මැතිවරණ කල්දැමූ පක්‍ෂ සහ ආණ්ඩු විනාශ වූ බව ද සඳහන් කළේය.
සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මැතිවරණය වසර දෙකක් කල්දැමීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තුවේ ආසන අටට වැටුණ අතර මැතිවරණ කල්දැමූ රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්‍ෂය එක ආසනයකට වැටුණු බවත් ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවත් රාජපක්ෂ මහතා කීයග.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්‍ෂකයකු සිටිය ද මේ මොහොතේ අපේක්‍ෂකයා හෙළි නොකරන බවත් වේලාව පැමිණි පසු අපේක්‍ෂකයා ප්‍රකාශ කරන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
