gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් හැරදා ජගත් ප‍්‍රියංකර, ලංසාගේ වේදිකාවේ!

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ දෙවන ජන රැළිය අද (29) මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයේදී විශාල ජන සහභාගිත්වයෙන් යුතුව ඇරඹිනි.

“දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව යටතේ ඇරඹි වැල්ලවාය ජන රැළිය විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කර තිබිණි.

ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් ශ්‍රිලනිප හා නව සන්ධාන වේදීකාවට ගොඩවෙයි.

ආර්ථිකය හා රට නිවැරදි දිශානතියකට ගෙන යා හැකි බලවේගය ශ්‍රිලනිපය හා නව සන්ධානය බැවින් ප්‍රගතිශීලි ජනතාව, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන දිනෙන් දින සන්ධානය වටා ඒකරාශී වෙමින් සිටින බවත් ඉදිරියේදී දැවැන්තම සන්ධානය ගොඩ නඟන බව සන්ධාන නයකයින් ප්‍රකාශ කරයි.

මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, එස්.වියාලේන්ද්‍රන්, ජගත් ප්‍රියංකර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නව සන්ධානයට සහය දක්වන පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වී සිටියහ.

– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka