ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දොළොස් දෙනකු සමග ජන බලවේගය සමඟ ඉදිරි දින කිහිපයේදී එකතු වන බව සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසයි.
සුළු පක්ෂවලින් මේ වෙන විට සමගි ජන බලවේගය සමග එක්ව සිටින මන්ත්‍රීන් ගණනක් තිහ ඉක්මවා ඇති බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.
අදාල සියලු මන්ත්‍රීවරුන් සහ සමගි ජන සන්ධානය අතර ගිවිසුම් අත්සන් කිරීම ලබන මාසයේදී සිදු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.