ඇමෙරිකාවේ කැස්සාස් ජනපදය විසින් ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගමට එරෙහිව නඩු පවරා ඇත.
එහි චෝදනාව ලෙස දැක්වෙන්නේ අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දීමයි.
කැන්සාස් ජනපද නීතිපති ක්‍රිස් කොබෙච් මැදිහත් වීමෙන් එම ජනපදයේ තෝමස් ප්‍රාන්ත දිස්ත්‍රික් අධිකරණය හමුවේ, ‘ෆයිසර්’ සමාගමට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපති ක්‍රිස් කොබෙච් පෙන්වා දෙන්නේ ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත ඇමෙරිකානුවන්ට ලබා දුන්නේ එහි අතුරු ආබාධ රැසක් ඇති බව හොඳින් දැනගෙන බවත්, එන්නත ලබා ගත් බොහෝ දෙනකු අද සංකූලතාවලට මුහුණ දෙමින් සිටිනා අතර සමහරු මියගොස් ඇති බවයි. ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත සම්බන්ධයෙන් සත්‍යය ඇමෙරිකානුවන්ට හෙළි කළ යුතු බව ඉහිදී නීතිපතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම මේ වනවිට, ඔකස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් මැදිහත් වී නිපදවූ ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත වන බ්‍රිතාන්‍යයේ ‘ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත සම්බන්ධයෙන් ද ගැටලු මතු වී ඇත.
‘ඇස්ට්‍රාසෙනකා’ එන්නත හේතුවෙන් රුධිර කැටි ගැසීම් ඇති වීම අධිකරණය හමුවේ මේ වනවිට තහවුරු වී ඇත.
එම තහවුරු වීමත් සමඟ ගෝලීය වශයෙන් බෙදා හරිනු ලැබූ එම එන්නත් ආපසු ගෙන්වීමට ද ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම මේ වනවිට පියවර ගෙන ඇත.
ඇස්ට්‍රාසෙනකා එන්නත ඉන්දියාව තුල නිෂ්පාදනය කළේ ‘කොවිෂීල්ඩ්’ යන නමිනි. ‘කොවිඩ් 19’ වසංගත සමයේ ආසියානු රටවල් බොහොමයකට ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණේ ද මෙම ‘කොවිෂීල්ඩ්’ එන්නතය.
ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් බොහෝ දෙනා අතුරු ආබාධවලට ලක්වුණු බවත්, වැඩි දෙනා රුධිර කැටි ගැසීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් අධිකරණය හමුවේ තහවුරු විය.
කෙසේවෙතත් ඇස්ට්‍රාසෙනකා සමාගම පවසන්නේ එන්නත යවත්කාලීන කරමින් දෝෂ නිවැරදි කර, නව ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයට යළි නිපදවීට පියවර ගන්නා බවයි.
