gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව තිරණාත්මක තැනකට... පොහොට්ටුවද විකල්පයද තීන්දුවක් ගන්නැයි ජනපතිට කියයි

ඉදිරි මැතිවරණ සදහා සූදානම් වීම සදහා පසුගියදා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ජනාධිපති කාර්‍යාලයේදී පැවැත්වී ඇත.

මේ සදහා මුලින්ම බැසිල් රාජපක්ෂ මහතා සමග පමණක් සාකච්ඡාවක් පැවැත්වීමට යොදා ගත් නමුත් මේ සදහා දුමින්ද දිසානායක හා නිමල් සිරිපාලද සිල්වා මහත්වරුන් ඇතුළු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් හා විකල්ප කණ්ඩායම් වල පිරිසක් එක්ව සිට ඇත.

පොහොට්ටුව සමග කිසිම ආකාරයක සන්ධානගත වීමක් සිදු නොකරන බව මෙහිදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා විකල්ප කණ්ඩායම් විසින් බැසිල් රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයා ඉදිරියේ පවසා ඇත.

නාමල් රාජපක්ෂ මහතා පවා ජනාධිපතිවරයා සමග ගමනක් නැති බවත් හා ඔහු සමග සිටින්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධ පිරිසක් යැයි කියද්දිත් නාමල්ගේ විරෝධය පසෙක තබා ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට උදව් කරනවිට මෙවැනි කතා වලින් සිදුවෙන්නේ සිත් නොහොද වීමක් පමණක් බව බැසිල් රාජපක්ෂ මහතා එම සාකච්ඡාවට පැමිණි වජිර අබේවර්ධන මහතාට පවසා ඇත.

ඒ අනුව ඉදිරියේදී පොහොට්ටුවද නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා විකල්ප කණ්ඩායම්ද යන්න ජනාධිපතිවරයාට තෝරා ගැනීමට සිදුවන බව විකල්ප කණ්ඩායම් ප්‍රකාශකයෙක් වැඩිදුරටත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka