gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීමට නොහැකි බව ඔප්පු වී අවසන්.. පරිපාලනය සම්පුර්ණයෙන්ම වෙනස් කළ යුතුයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සදහා ඔලුගෙඩි විතරක් වෙනස් කර පවතින ගැටලු විසදීමට නොහැකි බවත් එය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතු බවද විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි අද (18) පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

මේ සදහා දක්ෂ පරිපාලන නිලධාරින්, ක්‍රිකට් ක්‍රීඩාවේ සිටි ක්‍රීඩකයින් ඇතුළු සමතුලිත නියෝජනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තුළ තිබිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

18 දෙනෙකුගේ කණ්ඩායමක් විසින් ක්‍රිකට් පරිපාලනය කළ යුතු බවට නීතියක් සම්මත කළ යුතු බවත් ඒ සඳහා චිත්‍රසිරි කමිටුවේ පනත් කෙටුම්පත මගින් නිර්දේශ ලබාදී ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එකම කණ්ඩායමකට ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීමට නොහැකි බව ඔප්පු වී අවසන් බවත් ඒ සදහා වහාම යම්කිසි දෙයක් ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka