ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක එළඹෙන 15 වැනිදා එංගලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර එහිදී එරට වෙසෙනා ශ්‍රී ලාංකීය ජනතාව සමඟ ජන හමු කිහිපයකට සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
NPP නායකයාගේ පැමිණීම නිමිත්තෙන් එරට ලාංකිකයන් විසින් එම වැඩසටහනේ ප්‍රචාරක කටයුතු සුවිශේෂී ආකාරයෙන් සිදුකිරීමට කටයුතු කර ඇති අතර ලන්ඩන් නගරයේ ධාවනය වන බස් රථ අනුර කුමාරගේ රුවින් වර්ණ ගන්වා මාර්ගවල ධාවනයට එක් කර ඇති බව වාර්තා වේ.
එම වැඩසටහනේ සුවිශේෂී කාරනාව වනුයේ ප්‍රථම වතාවට මෙරට දේශපාලනඥයකුගේ රුවින් ලන්ඩනයේ බස් රථ හැඩ කිරීම බව එරට වෙසෙනා ශ්‍රී ලාංකීය ජනතාව පවසයි.
