මිහින්තලා පොසොන් උත්සවයට රජයෙන් දුන් ලක්‍ෂ 50 මදි... කෝටි තුනක් ඕනෑ - මිහින්තලා හිමි
මෙවර මිහින්තලා පොසොන් පින්කමට රුපියල් ලක්ෂ පනහක් අයවැයෙන් වෙන්කර දී ඇඟ බේරා ගැනීමට ආණ්ඩු උත්සාහ කරමින් සිටින බවට මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ චෝදනා කරති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ අක්කර දහසක භූමියක පැතිරුණු පූජාභූමියට ලක්ෂ පනහකින් කළ හැකි දෙයක් නැති බවය.
මෙවර පින්කම් කටයුතුවලට රුපියල් කෝටි දෙකක් තුනත් අතර මුදලක් වැය වනු ඇතැයිද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.
මිහින්තලා පුදබිමේදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.
මිහින්තලා පොසොන් උත්සවයට රජයෙන් දුන් ලක්‍ෂ 50 මදි... කෝටි තුනක් ඕනෑ - මිහින්තලා හිමි
2024-06-04T11:34:00+05:30
Gossip Lanka Hot News





