ඉන්ධන මිල ගණන් අඩු වීමේ වාසිය ජනතාවට ලබා දීමට අදාළ කර්මාන්තකරුවන් කටයුතු කළ යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.
ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, එහි නායක අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ, රජය විසින් මේවා නියාමනය කළ යුතු බවයි.
පසුගිය මාස තුනක් තුළ ඩීසල් මිල රුපියල් 46කින් අඩු වී තිබෙනවා.
එමෙන් ම භූමිතෙල් මිල රුපියල් 48කින් පහත දමා ඇති බවයි, අසේල සම්පත් මහතා පෙන්වා දෙන්නේ.
මෙරට වැඩි බේකරි ප්‍රමාණයක් ඩීසල් භාවිතයෙන් ක්‍රියාත්මක වන බව ද ඔහු අවධාරණය කළා.
පෞද්ගලික මගීන් සේවාවන් සඳහා ඩීසල් භාවිත කරනු ලබනවා.
එමෙන් ම ධීවරයින් බෝට්ටු සඳහා වැඩි වශයෙන් භාවිත කරනු ලබන්නේ භූමිතෙල් බව ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කළා.
ඒ හේතුවෙන් මෙහි වාසිය ජනතාවට ලබා දීමට අදාළ කර්මාන්තකරුවන් කටයුතු කළ යුතුයි.
එසේ සිදු නොකරන්නේ නම් පාරිභෝගිකයන් සමඟ එක් වී මිල අඩු කිරීම සඳහා වන අරගලයක් ක්‍රියාත්මක කරන බවටයි අසේල සම්පත් මහතා අනතුරු ඇඟවීමක් කළේ.
පාන්, බත්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, තේ, ප්ලෙන්ටි මිල මෙන් ම බස් ගාස්තු ද අඩු කළ යුතු බවට අසේල සම්පත් මහතා අවධාරණය කරනවා.