දිවන්ගත ගාමිණි දිසානායක මහතා අවසන් කල දේශපාලන ගමන තමන් යලිත් නුවරඑලියෙන් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පා.ම මයන්ත දිසානායක මහතා පැවසිය.
සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් නායක ධුරයෙන් පත්විමෙන් අනතුරුව (13) දින පා.ම මයන්ත දිසානායක මහතා නුවරඑලිය නගරයේ සර්ව ආගමික ස්ථාන වෙත ගොස් ආගමික නායකයින්ගේ ආශිර්වාද ලබා ගැනිමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම මයන්ත දිසානායක මහතා කියා සිටියේ
මම සහ මගේ අයියා වන සබරගමු පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මුළු රට ආදරය කල ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වන ගාමිණි දිසානායක මහතාගේ පුත්තු,
මම නුවරඑළියට ආවේ ගාමිණී දිසානායක මැතිතුමා එදා අවසන් කරපු දේශපාලන ගමන නැවතත් ආරම්භ කරන්න ,
අද එතුමන් ජීවතුන් අතර නැති උනත් එතුමන්ට ආදරේ කරන දහස් සංඛ්‍යාත මිනිස්සු ඉන්න ප්‍රදේශයක් තමයි නුවරඑළිය,
1980 දශකයේදී නුවරඑළිය ඇතුළු කන්ද උඩරට ප්‍රදේශයට අභිමානනීය සේවයක් ඉටු කරමින් ජනාධිපති අපේක්ෂක ධූරය දක්වා සිය දේශපාලන ගමන සාර්ථකව ගමන් කොට ත්‍රස්තවාදින්ගේ ප්‍රහාරයකින් ජීවිතයට සමුදුන් ගාමිණී දිසානායක මහතාගේ කනිෂ්ඨ පුතු වශයෙන් සිය දේශපාලන ගමන නුවරඑළියෙන් ඉදිරියට අරඹන්නට මම සූදානම්,
මම දැනට නියෝජනය කරන්නේ මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් මම නුවරඑළියට ආව කියල ඒ ජනතාවට කිසිම අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ , මහනුවර දැන් සංවර්ධනය වෙලා දේශපාලන නායකත්ව හැදිලා තියෙන්නේ,
මම නුවරඑළියට විශේෂයෙන්ම ආවේ දේශපාලන නායකයෙක් නොමැතිව හරි ගමන් මගක් ඔස්සේ නුවරඑළිය ජනතාවට නායකත්වයක් ලබාදෙමින් , තවත් තරුණ නායකයන් බිහිකරන්න අරමුණින්,
එය කඩිනමින්ම සිදු කරන්න මං අපේක්ෂා කරනවා යනුවෙන් පැවසිය.
– රංජිත් රාජපක්ෂ