gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂට එරෙහිව උසාවි යන්න මහින්දානන්ද සූදානම් වේ!

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබේ.

තමන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහරදුන් බවට ඔහු ජනමාධ්‍ය ඔස්සේ අසත්‍ය චෝදනාවක් සිදුකළ බව මහින්දානන්ද මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ දැක්වූ අදහස් පහතින්,

“ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පසු ගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදි මා ඔහු පහරදුන් බව පහර දීමෙන් ඔහුගේ පාදයට බරපතල තුවාල සිදු වු බවට ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ සහ ගුණතිලක රාජපක්ෂ අවස්තා හතරකදි මාධ්‍යය හරහා මට චෝදනා කර තිබුණා. මම එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා, මම මගේ නිතිඥයවරයාට උපදෙස් දුන්නා එම දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.

ගුණතිලක රාජපක්ෂ මහතා එදින රාජ්‍ය නිලධාරින් ඉදිරියේදී පරුෂ වචනයෙන් බැන වැදුණා, මම ඔහුට උපදෙස් දුන්නා රාජ්‍ය නිලධාරින් ඉදිරියේ එහෙම හැසිරෙන්න එපා කියලා. එතනදි බහින් බස් විමක් තමයි ඇති වුණේ පසුව ඔහු විසින් පොලිසියට භාර දිලා තියෙනවා ඇසින් දුටු සාක්ෂිකරුවන් සිව්දෙනෙක් මම ඔහුට පහර දුන්නා කියලා. ඒ තමයි පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී ජගත්, කළුතර දිස්ත්‍රික් පා.ම ලලිත්, ගම්පහ දිස්ත්‍රික් පා.ම සහන් ප්‍රදිප්, කොළඹ දිස්ත්‍රික් පා.ම මදුර විතාන යන අය, පොලිසිය විසින් මේ අයගෙන් සාක්ෂි සටහන් කරගෙන තියෙනවා. මේ කිසිදු අයෙක් පොලිසියට සාක්ෂි දිලා නැ මම ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දුන්නා කියලා, පසුව පොලිසිය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්විම තිබුණ ස්ථානයේ පරික්ෂණයක් කරලා තියෙනවා එහිදිත් කිසිදු සාක්ෂියක් ලැබිලා නැ. එතුමා මේ කරන්නේ වෙනත් කෙනෙකුගේ අවශතාවයක් ඒ සම්බන්ධයෙන් මම කණගාටු වෙනවා , මම ඒ සම්බන්ධයෙන් නිතිමය පියවර ගන්නවා යනුවෙන් පැවසිය.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka