සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වන බවට වාර්තා පළවීමත් සමග සැක සහිත මන්ත්‍රීවරුන් රඳවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ අනුව ආණ්ඩුවට එක්වෙතැයි සැක සහිත මන්ත්‍රීවරුන්ට මෙන්ම ඔවුනගේ බිරින්දෑවරුනට දුරකථන ඇමතුම් දෙමින් ආවට එක් නොවන බව තහවුරු කර ගැනීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වෙමින් ඇත.
රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, චම්පික රණවක යන මහත්වරුන් ආණ්ඩුවට එක්වන බවට දැනටමත් වාර්තා පළව තිබීමත් ඔවුන් සමග තවත් පිරිසක් එක් වෙතැයි සැකය මත එසේ සැක සහිත මන්ත්‍රීවරුන් ඉලක්ක කරමින් මෙම වැඩපිලිවෙල ක‍්‍රියාත්මකයි.
වත්මන් ආණ්ඩුවේ උපරිම ආයු කාලය මාස තුනක් බවත් ඉන් අනතුරුව එන මැතිවරණයෙන් පරාජය වූ විට ආණ්ඩුවට එක්වන අයගේ දේශපාලන ගමන හමාරවනු ඇති බවටත් සැක සහිත මන්ත්‍රීවරුන් මත තහවුරු කරමින් සිටිති.
පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුවක දී නැවත පාර්ලිමේන්තුවට පිවිස තනතුරක් ලබා ගැනීමේ හැකියාව බොහෝ ම ඉහළ බවද ඔවුන්ට මෙම පණිවිඩකරුවන් සඳහන් කරති.