gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලලිත් කොතලාවලගේ මරණය පිළිබඳ සැකයක්.. යලිත් පරීක්ෂණ ඇරඹෙයි!

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල හෘදයාබාධයකින් මියශොස් ඇති බවට මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වූවත්, විවිධ ලේඛන වල මියගිය වේලාවන් වල ඇති පරස්පරතාව හේතුවෙන් මරණය සම්බන්ධව ඇතිවූ සාධාරණ සැකය මත විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලෙස ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.

එම පැමිණිල්ල මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ ලේඛන පරීක්ෂා කිරීමේදී මරණයට පත් වූ වේලාවන් තුනක් සටහන්ව ඇති බවට පෙනී යන බවද,පොලිස් විමර්ශන පිළිනඳ සෑහීමකට පත්විය නොහැකි බැවින් ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට නියෝග කරනා ලෙසයි.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් තැන්පත්කාර ජුඩ් මාර්කෝ පෙරේරා කියා සිටියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ මරණ පරීක්ෂණ සටහන් අනුව මධ්‍යම රාත්‍රී 00.58 ට කොතලාවල මහතා මියගිය බවට සටහන් වුවද පොලිස් වාර්තාවේ මරණය සිදුවූ වේලාව උදෑසන 3.55 ලෙස සටහන් කර ඇති බවය.

තවත් අධිකරණ ලේඛනයක වෙනත් වේලාවක් සටහන් කර ඇති බවද පැමිණිල්ල විසින් පෙන්වා දෙන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka