gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කෙහෙළියට මල්වඩම් යවපු විඩියෝ අධිකරණයට දෙන්න - මහේස්ත්‍රාත් අධිකරණය

හිටපු සෞඛ්‍ය අමා​ත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීම සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ දර්ශන විකාශය කළ රූපවාහිනී මාධ්‍ය ආයතන වෙත නියෝග කර තිබෙනවා.

කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් අනුව ඊයේ (10) මෙම නියෝගය නිකුත් කෙරුණා.

සාපරා​ධී බිය ගැන්වීමක්, අයුතු අවහිර කිරීමක්, හෝ නින්දා සහගත අපහාසයක් කළ බවට පවසමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්​ල මහතාගේ දියණිය වන චමිත්‍රී රඹුක්වැල්​ල කළ පැමිණිල්ලක් අනුව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම ඉල්​ලීම කර තිබුණා.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජය මහතා​ට එරෙහිව පැවරු බී වාර්තාව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka