ඉන්දීය මැතිවරණය ජයග්‍රහණය කිරීමට භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය සමත්වූ බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර තිබේ. එහෙත් අවසන් ප්‍රතිඵලය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තොරතුරු වාර්තා වී නොමැත.
අගමැතිවරයාගේ සන්ධානය ආසන 400ක් ජයගැනීමට අපේක්ෂා කෙරුණද මේ දක්වා ඔවුන් දිනාගැනීමට සමත් වී ඇත්තේ ආසන 300කටත් අඩු ප්‍රමාණයකි.
කෙසේවෙතත්, කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ සන්ධානය මෙවර වැඩි ආසන ගණනක් දිනාගැනීමට සමත්විය.
ආසන 543කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 272කට වඩා දිනාගත් පක්ෂයකට හෝ සන්ධානයකට ආණ්ඩුවක් පිහිටුවිය හැක.
මේ අතර භාරතීය ජනතා පක්ෂයේ මූලස්ථානයේ සිට ජනතාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයින්ට ස්තූතිය පුදකළේය.