විමර්ශනයක අවශ්‍යතාවය ප්‍රතික්ෂේප කරමින් තම ජීවිතයට කිසිදු තර්ජනයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා දන්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කථානායකවරයාට දන්වා ඇත.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එල්ල වූ බව කියන තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මීට පෙර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට නියෝග කළේය.
නව වීසා නිකුත් කිරීමේ ක්‍රමයේ මතභේදය පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙන් තමාට තර්ජන එල්ල වූ බවට පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයකින් පසුව මෙම උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව අචාර්ය හර්ෂ ද සිල්වාට තර්ජන එල්ල වූ බවට පසුගියදා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අදහස් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දන්වා තිබිණි.
කෙසේ වෙතත්, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්තූතිය පුදකරමින් ආචාර්ය ද සිල්වා පෙන්වා දුන්නේ තමන් සිදුකළ ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ බවත්, තමාට ජීවිත තර්ජනයක් නොමැති බවට කථානායකවරයාට සහතික වූ බවත්ය.
විමර්ශනයක් අවශ්‍ය නොවන බවත් අවශ්‍ය නම් දැනුම් දෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළ බව පොලිසිය පවසයි.
