gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක්… චීන රජයේ න්‍යෂ්ටික බලශක්ති ප්‍රමුඛයා නීති හදා අභිලාෂ කැඳවීම් ඉවර වෙන්නත් පෙර ගවේෂණ කරන්න පටන් අරන්!

න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය නියාමනය කිරීම සඳහා රජය නීති සම්පාදනය කරමින් සිටින පසුබිමක,  ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් සැලසුම් සහගත ලෙස උනන්දුව දක්වන අනාගත ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවීමේ යෝජනා ඉදිරිපත් කිරීමට සූදානම් වන වටපිටාවක චයිනා නැෂනල් කියුක්ලියර් කෝපරේෂන්  (China National Nuclear Corporation ) හි නියෝජිත පිරිසක් නුදුරේදීම රට තුළ න්‍යෂ්ටික බලාගාරයක් සඳහා ආයෝජනය කිරීමේ අපේක්ෂාවෙන් ගවේෂණයක් ආරම්භ කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරයි.

රට තුළ න්‍යෂ්ටික විදුලි ජනන බලාගාරයක් සඳහා යෝජනා ඉදිරිපත් කළ සංවිධාන අතර චයිනා නැෂනල් නියුක්ලියර් කෝපරේෂන් ආයතනය ද වේ. රුසියාවේ රොසටොම්  ආයතනය  ප්‍රංශයේ ඉලෙක්ට්‍රිසිටේ ඩි ෆ්‍රාන්ස් ආයතනය,  සහ ඩෙන්මාර්කයේ සීබොර්ග් ආයතනය බව එම වාර්තාවේ දැක්වේ.

ලංකාවේ න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීමට යෝජනා කර ඇති රුසියාවේ රොසටොම් ආයතනය කල්පිටියේ සිට කිලෝමීටර් 207ක් පමණ දුරින්  ඉන්දියාවේ කූඩන්කුලම් හිත්  බංග්ලාදේශයේත්,   න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදි කර තිබිණි.

ඇමරිකාවේ අල්ට්‍රා සේෆ් නියුක්ලියර් කෝපරේෂන් (USNC) සමාගමත්, කැනඩාවේ ඇටොමික් එනර්ජි ඔෆ් කැනඩා ලිමිඩට් (AECL) ආයතනයත්, මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත දක්වන සමාගම් අතර ඇතැයි ද වාර්තා වේ.

කාබන් විමෝචනය අඩු කිරීමේ සැලැස්මේ දී, ජාතික බලශක්ති මිශ්‍රණයට න්‍යෂ්ටික බලයත් එක් කිරීමට රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමට ශ්‍රි ලංකාව හඳුනා ගත් විභව ස්ථාන සහ එම තෝරා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ මෑතකදී, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ විශේෂඥ කණ්ඩායමක් පැමිණ දින හතක ආරක්ෂක සමාලෝචනයක් ද අවසන් කරන ලදී.

මේ ක්‍රියාවලිය සම්බන්ධව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නවතම ප්‍රගතිය පිළිබඳව ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා පවසා ඇත්තේ න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ යෝජිත නීතිය වැඩි දියුණු කරගැනීම සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය සමග සම්බන්ධවීමේ අභිලාෂයෙන් නීති විශාරදයින් කණ්ඩායමක් ඊයේ ඔස්ට්‍රියාවේ වියානා නුවරවෙත පිටත් වූ බවය.

“අපි දැනට පවතින නීතිය සංශෝධනය කළ යුතුයි. ඊට සමාන්තරව, අනාගත ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවීමට අප සූදානම්. න්‍යෂ්ටික බලශක්ති පිරිවැය ජල විදුලියට වඩා අඩු වනු ඇතැයි අපට අපේක්ෂා කරන්න බෑ. කෙසේ වෙතත්, එය තාප විදුලිය සහ ජල විදුලි පිරිවැය අතර කොතැනක හෝ පවතිනු ඇති, ”ඔහු පවසා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka