ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් කර ‘ගෝල්ෆේස් අරගලකරුවන්’ අපේක්ෂා කළ සමාජයේ ක්‍රම වෙනසක් දක්වා රට මෙහෙයවීමට ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන සන්ධානයක් ගොඩනගන බව සමාජ ක්‍රියාකරුවෙකු වන වසන්ත මුදලිගේ ඊයේ (ජුනි 19) කොළඹ දී පැවසුවේය.
”ක්‍රම වෙනසක් රටේ මිනිස්සු ඉල්ලුවේ. රනිල් වික්‍රමසිංහ බලයට පත්වෙලා කළේ මේ තියෙන ක්‍රමය ඇතුළේ අර්බුදයේ පතුළට ඇදගෙන යන වැඩපිළිවල තමයි ක්‍රියාත්මක කළේ. 2022 රනිල් වික්‍රමසිංහ බලයට එනවිට රටේ ණය තිබුණේ ඩොලර් බිලියන 84යි. 2024 ණය ඩොලර් බිලියන 100ක් වෙලා. අපි ජනතාවට ආරාධනය කරනවා අර්බුදය අස්සේ ගිනිකන වැටිලා ඉන්නේ නැතුව අපි නව දේශපාලන වැඩපිලිවලක් එක්ක ඉදිරියට යමු.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සමාජ ක්‍රියාකාරීහු රැසක් මේ මාධ්‍ය හමුවට සහභාගී වූහ.
