ඇමරිකාවේ ස්ටාර්ලින්ක් සමාගම වෙත මෙරට චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන සභාව අනුමැතිය දී ඇත.
විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය ඇමති කනක හේරත් මහතා සඳහන් කරන්නේ මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් පසුව මෙම තීරණය ගෙන ඇති බවය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමරිකානු ස්ටාර්ලින්ක් සමාගමේ ප්‍රධානී ඊලොන් මස්ක් අතර ඉන්දුනීසියාවේ පැවති සමුළුවකදීද මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි.
