ජනාධිපතිවරණයේදී 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට හැකියාව ඇති බව සහතික වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.
ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමන්ට පොදුජන පෙරමුණෙන් කොන්දේසි දහයක් ඉදිරිපත් කර ඇති බවත් තමන් මේ දිනවල ඒ සම්බන්ධයෙන් අදාළ කටයුතු කරගෙන යන බවත් හෙතෙම පැවසීය.
කෙසේ නමුත් ජනාධිපතිවරණයට තවත් දින 115 ක පමණ ප්‍රමාණයක් ඇති නිසා ඉදිරියේදී සියල්ල තීරණ වෙනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
