gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණය ප‍්‍රකාශයට පත් කරන්න සූදානම්!

2024 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමෙන් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා පැවසීය.

ලබන ජූලි 17 වැනිදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට සිය කොමිසමට බලය ලැබෙන බව පැවසීය.

2024 ඡන්ද හිමි නාමලේඛණයේ හිමිකම් හා විරෝධතා පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවෙයි.

ජූලි අග වනවිට 2024 ඡන්ද හිමි නාම ලේඛනයේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසීය.

සැප්තැම්බර 17 ත් ඔක්තොම්බර් 16 ත් අතර කාලයේ අනිවාර්යෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.


– නාගොඩ සුමන උදයන්ත


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka